ගැඹුරු ශිරා ත්‍රොම්බොසිය

ඔබ ගැඹුරු ශිරා ත්‍රොම්බොසියෙන්(DVT) වලින් පෙලෙන්නේ නම් ප්‍රතිකැටිකාරකය (anticoagulant) නම් ඖෂධය ලබා ගත යුතුයි.

ප්‍රතිකැටිකරණය- ඇන්ටිකොඇගුලේශන් (Anticoagulation)

ප්‍රතිකැටිකාරක ඖෂධ රුධිරය කැටි වඩාත් ලොකු වීම වලක්වයි. එලෙසම රුධිර කැටියෙන් කොටසක් කැඩී ගොස් ඔබේ රුධිර ගමනාගමනයේ වෙනත් තැනක ලැගුම් ගැනීම වලක්වා ලීමටද ඒවා උදව් කරනවා.

බොහෝ විට ප්‍රතිකැටිකාරක ඖෂධ "ලේ තුනී කරනා" ඖෂධ ලෙස හැදින්‍වුවද ඒවා මගින් සත්‍ය ලෙසම ලේ තුනී කිරීම සිදු නොකරයි. ඔවුන් ඒවා තුල ඇති ප්‍රෝටීන වෙනස් කිරීම සිදු කරන අතර එමගින් පහසුවෙන් රුධිර කැටියක් ඇතිවීම වලක්වාලයි.

හෙපරින්(heparin) සහ වෝෆරින් (warfarin) යන ප්‍රතිකැටිකාරක වර්ග දෙක DVT සදහා ප්‍රතිකාර ලෙස භාවිතා කරයි. තවදුරටත් රුධිරය කැටි ගැසීම වලක්වා ගැනීමට ඉක්මනින් ක්‍රියා කරන නිසා සාමාන්‍යයෙන් ප්‍රථමයෙන් හෙපරින් (heparin) නිර්දේශ කරයි . මෙම මූලික ප්‍රතිකාරයෙන් අනතුරුව තවත් රුධිර කැටියක් ඇතිවීම වලක්වා ගැනීමට ඔබට වෝෆරින් (warfarin) භාවිතා කිරීමට සිදුවිය හැක.

හෙපරින් (Heparin)

හෙපරින් ආකාර දෙකකින් තිබිය හැක:

  • සම්මත (unfractioned) හෙපරින් ( heparin)
  • අඩු අණුක භාරය සහිත හෙපරින් (heparin )(LMWH)

සම්මත (unfractioned) හෙපරින් (heparin) ලබා දිය හැකි ආකාර නම්:

  • අන්තශ්ශිරා එන්නතක් ලෙස- ඔබගේ ශිරා වලට කෙලින්ම එන්නතක් ලෙස
  • අන්තශ්ශිරා උත්සාරණයක් ලෙස- මෙහිදී ඔබේ අතේ වූ ශිරාවකට පටු නාලයක් මගින් හෙපරින් (heparin) අඛණ්ඩව බිංදු ලෙස ගලා යාම(පොම්පයක් මගින්) සිදු කරයි .(මෙය රෝහලක් තුලදී සිදු කල යුතුයි.)
  • අධඃචර්මීය එන්නතක් ලෙස- ඔබගේ සමට යටින් දෙනු ලබන එන්නතක්

LMWH සාමාන්‍යයෙන් අධඃචර්මීය එන්නතක් ලෙස දෙනු ලබනවා.

රුධිර කැටි සදහා දෙනු ලබන සම්මත (unfractioned) හෙපරින් (heparin ) මාත්‍රාව සැලකියයුතු ලෙස පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන බැවින්, අවශ්‍යතාව අනුව මාත්‍රාව ප්‍රවේශමෙන් නිරීක්ෂණය සහ සකස් කිරීම සිදු කල යුතුයි. දින 5ත් 10ත් අතර කාලයක් රෝහලේ රැදී සිටිමින් නිතර රුධිර පරීක්ෂාවන්සිදු කර ගනිමින් ඔබට නියමිත මාත්‍රාව නිවැරැදි ලෙස ලැබුනේ දැයි සහතික කර ගත යුතුයි.

LMWH සම්මත හෙපරින් (heparin) වලට වඩා වෙනස් ආකාරයකට ක්‍රියා කරයි. එය කුඩා අණු වලින් සමන්විත බැවින් එහි බලපෑම් වඩා විශ්වාසදායී වන බැවින් ඔබට රෝහලක නැවතී අධීක්ෂණයක් යටතේ සිටීම අවශ්‍ය නැත.

සම්මත හෙපරින් (heparin) සහ LMWH යන දෙකෙන්ම අතුරු ආබාධ ඇතිවිය හැකි අතර, ඒවා නම්:

ඇතැම් දුර්ලභ අවස්ථාවන්හිදී පවතින රුධිර කැටි තව දුරටත් නරක අතට පත් කිරීම සහ නව රුධිර කැටි ඇති කිරීම වැනි ආන්තික ප්‍රතික්‍රියා හෙපරින් (heparin) මගින් සිදු කල හැකිය. මෙම ප්‍රතික්‍රියාව සහ අස්ථි දුර්වල කිරීම LMWH ගැනීමේදී ඇතිවීමේ ඉඩකඩ ඉතාම අඩුය.

ඔබට බොහෝ අවස්ථාවන්හිදී පාවිච්චියට පහසු බව හා අඩු අතුරු ආබාධ නිසා LMWH ලබා දිය හැකිය.

වෝෆරින් (warfarin) බෙහෙත් පෙත්තක් ලෙස ගනු ලබයි. හෙපරින් සමග මූලික ප්‍රතිකාර වලට පසුව නැවත රුධිර කැටි ඇතිවීම වලක්වා ගැනීම සදහා ඔබට එය අවශ්‍ය වේ. වෝෆරින් (warfarin) මාස 3 සිට 6 ක් දක්වා කාලයක් ලබා ගන්නා ලෙස ඔබට ඔබගේ වෛද්‍යතුමා නිර්දේශ කල හැක. සමහර අවස්ථාවන්හිදී ඔබට එය ජීවිත කාලය දක්වාම ගැනීමට තරම් දීර්ඝ විය හැක.

සම්මත හෙපරින් (heparin) ලෙසම වෝෆරින් (warfarin) වලද බලපෑම පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ. ඔබ නිවැරැදි මාත්‍රාව ලබා ගන්නේ දැයි නිරන්තර රුධිර පරීක්ෂාවන් මගින් සහ සමීප නිරීක්ෂණය මගින් තහවුරු කර ගත යුතුයි.

ඔබ ප්‍රථමයෙන් වෝෆරින් (warfarin) ලබා ගැනීම ආරම්භ කරන අවස්ථාවේදී ඔබගේ නියමිත මාත්‍රාව තීරණය කිරීම සදහා එක් සතියකදී රුධිර පරීක්ෂාවන් දෙකක් හෝ තුනක් සිදු කරයි. මෙයින් පසු ඔබට රුධිර පරීක්ෂාවක් සිදු කිරීමට අවශ්‍ය වන්නේ සති 4කට වරක් ඇති ප්‍රතිකැටිකාරක (anticoagulant) බාහිර රෝගී සායන වලදී පමණි.

ඔබගේ අක්මාව කෙතරම් හොදින් වැඩ කරන්නේද යන්න, ඔබ ගන්නා අනෙකුත් ඖෂධ වර්ග සහ ඔබගේ ආහාර රටාව මගින් වෝෆරින් (warfarin) වලට බලපෑම් සිදු කල හැක.

වෝෆරින් (warfarin) භාවිතා කරන්නේ නම් ඔබ කල යුතු ඒවා නම්:

  • ආහාර රටාව ස්ථිරව පවත්වා ගැනීම
  • පානය කරන මත්පැන් ප්‍රමාණය සීමා කිරීම(සතියකට ඒකක 14කට වඩා වැඩි නොවිය යුතුයි)
  • නියමිත වෝෆරින් (warfarin) මාත්‍රාව සෑම දිනකම එකම වේලාවකදී ගැනීම
  • ඔබගේ ඖෂධවේදියාගේ හෝ ප්‍රතිකැටිකාරක (anticoagulant) විශේෂඥ වරයාගේ අනුදැනුමකින් තොරව වෙනත් කිසිදු ඖෂධයක් ආරම්භ කිරීමෙන් වැලකීම
  • ශාකමය(ආයුර්වේද) ඖෂධ ලබා ගැනීමෙන් වැලකීම

හෙපරින් (heparin) එන්නත් ලබා ගන්නා ගර්භණී කාන්තාවන් සදහා ප්‍රතිකාර කරන මුලු කාලය පුරාවටම වෝෆරින් (warfarin) ලබා දීම නිර්දේශ නොකරයි.

**රිවරොක්සබෑන් (Rivaroxaban) රිවරොක්සබෑන් යනු DVT ඇති වැඩිහිටියන් සදහා යෝග්‍ය ප්‍රතිකාරයක් වන අතර එය පුනරාවර්තී DVT ඇති වීම සහ පෙනහැලි එම්බොලිස්ම් (pulmonary embolism) ඇතිවීම වලක්වා ගැනීමට ඉවහල් වේ.

රිවරොක්සබෑන් (rivaroxaban) ගිලින පෙති ස්වරූපයෙන් ඇත. එය රිජුව ක්‍රියාකරන මුඛ ප්‍රතිකැටිකාරකයක් (anticoagulant) (DOAC) ලෙස හදුන්වන ලබන ප්‍රතිකැටිකාරක (anticoagulant) වර්ගයකි. එය සාධකය Xa යන ද්‍රව්‍ය නිශේධනය කරමින් සහ ත්‍රොම්බින්(රුධිර කැටි ගැසීම සදහා උපකාරී කරන එන්සයිමයකි) සෑදීම සීමා කරමින් රුධිර කැටි ඇතිවීම වලක්වයි.

රිවරොක්සබෑන් මගින් ප්‍රතිකාර කිරීම සාමාන්‍යයෙන් මාස තුනක් පමණ පවතින අතර පලමු දින 21 දිනකට දෙවරක් ද පසුව ප්‍රතිකාර අවසන් වන තෙක් දිනකට එක් වරක් ලෙසද ගත යුතුයි.

ඇපික්සබන්(Apixaban) ඇපික්සබන් යනු DVT සහ පෙනහැලි එම්බොලිස්ම් (pulmonary embolism) වලක්වා ගැනීම සදහා යෝග්‍ය ප්‍රතිකාරයක් වේ.

රිවරොක්සබෑන් මෙන්ම ඇපික්සබන් ද DOAC එනම් ගිලින පෙත්තක් වන අතර සාධකය Xa වලට බාධා කිරීම සහ ත්‍රොම්බින් සෑදීම සීමා කිරීම මගින් රුධිර කැටි ඇතිවීම වලක්වයි.

ප්‍රතිකාර සාමාන්‍යයෙන් අවම වශයෙන් මාස 3ක් පමණ පවතින අතර දිනකට දෙවරක් ඇපික්සබන් (apixaban) ගැනීම සිදුකරයි.

සම්පීඩන මේස්

ඔබට DVT සෑදී ඇත්නම්, එය නැවත සෑදීම වැලැක්වීමට සහ ඔබට [පසු ත්‍රොම්බොටික් සහලක්ෂනය ](https://www.nhs.uk/conditions/deep-vein-thrombosis-dvt/complications/#post-thrombotic syndrome) සෑදීමෙන් වැලැක්වීමට සම්පීඩක මේස් නම් විශේෂ මේස් වර්ගයක් ඔබට ලබා දීම නොකල යුතුයි. මෙයට හේතුව නම් මෙම මේස් වර්ග වලින් තත්ත්වය වලක්වා ගන්න ආකාරය පැහැදිලි නොවීමයි. නමුත් ඔබේ DVT වලට සහ පසු ත්‍රොම්බොටික් සහලක්ෂනයේ රෝග ලක්ෂණ වලට ප්‍රතිකාර කිරීම සදහා ඔබගේ සෞඛ්‍යය කණ්ඩායම එය උපකාරී වේ යැයි ඔවුන්ට හැගෙන නිසා මේස් ප්‍රතිකාර කිරීම සදහා යොදා ගනු ඇත.

ව්‍යායාම

දිනපතා ඇවිදීම සදහා ඔබගේ සෞඛ්‍ය කණ්ඩායම ඔබට උපදෙස් දෙනු ඇත. මෙය DVT නැවත ඇතිවීමේ රෝග ලක්ෂණ වැලැක්වීම සදහා සහ පසු ත්‍රොම්බොටික් සහලක්ෂනය වැනි DVT වල සංකූලතාවන් වැලැක්වීම හෝ වර්ධනය වැලැක්වීමට උපකාරී වේ.

ඔබගේ කකුල ඔසවා තැබීම

ඔබ විවේකයෙන් සිටින සෑම මොහොතකම ඔබගේ කකුල ඔසවා තබන ලෙසට ඔබට උපදෙස් ලැබෙනු ඇත. මෙය කෙණ්ඩ ප්‍රදේශයේ රුධිරය සහ තරලය එකතු වීම වලක්වන අතර එහි ශිරා වල පීඩනය සමනය කිරීමට උපකාරී වේ.

ඔබ කකුල ඔසවා තබන විට පතුල ප්‍රදේශය උකුලට වඩා උස්ව තබා ගැනීමට වග බලා ගත යුතුයි. මෙය කෙණ්ඩ ප්‍රදේශයේ සිට රුධිරය ආපසු ගමන් කිරීම සදහා උපකාරී වනු ඇත. ඔබ වැතිරී සිටින විට පාදයට යටින් කොට්ටයක්(කුශන්) තබා ගැනීම ඔබගේ උකුලට වඩා පාදය ඉහලින් තබා ගැනීමට උපකාරී වේ.

එසේම ඔබගේ පාදය හා පතුල උකුලට වඩා ඉහලින් පවත්වා ගැනීමට ඔබගේ ඇදේ පහල කොටස මදක් උස්ව තබා ගැනීමද කල හැකියි.

අධර මහා ශිරා පෙරහන්

ප්‍රතිකැටිකාරක වලට විකල්පයක් ලෙස අධර මහා ශිරා (IVC) පෙරහන් සමහරවිට භාවිතා කරයි. සාමාන්‍යයෙන් මෙය භාවිතා කරනුයේ ප්‍රතිකැටිකාරක ප්‍රතිකාර නැවැත්වීමට අවශ්‍ය විට, නොගැලපෙන විට හෝ ක්‍රියා නොකරන විටයි.

IVC පෙරහන් යනු ශිරා තුල තැන්පත් කල හැකි කුඩා දැල් වැනි උපකරණය. ඒවා මගින් රුධිර කැටි වල විශාල කොටස් හෘදයට සහ පෙනහැලි වලට ගමන් කිරීම වලක්වා ගැනීම සිදු කරයි. එය පහත රෝග වලින් පෙලෙනෙ රෝගීන්ගේ පාද වල රුධිර කැටි වර්ධනය වීම වැලැක්වීමට උපකාරී කර ගත හැකියි:

  • DVT
  • පෙනහැලි එම්බොලිස්ම් (pulmonary embolism)
  • බරපතළ තුවාල කිහිපයක්

IVC ස්ථිර වශයෙන්ම ශිරාව තුල තැන්පත් කල හැකි අතර, නව වර්ග වල පෙරහන් තාවකාලිකව තැන්පත් කර, රුධිර කැටි ඇතිවීමේ අවධානම පහව ගිය පසු නැවත ඉවත් කිරීම සිදු කල හැකියි.

IVC පෙරහන් ඇතුලත් කිරීමේ ක්‍රියාපටිපාටිය ස්ථානික නිර්වින්දක (local anaesthetic) භාවිතා කරමින් සිදු කරයි(මෙහිදී ඔබ අවදියෙන් සිටින මුත් ප්‍රදේශය හිරි වැටී පවතී(වේදනාවක් නොමැත.)). බෙල්ලේ හෝ ඉකිලි ප්‍රදේශයේ සම මත සිහින් කැපුමක් සිදු කර කැතීටරයක් (සිහින්, නම්‍යශීලී නාලයක්) ශිරාවකට ඇතුලු කිරීම සිදු කරයි. කැතීටරය ඇතුලු කිරීම අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් මාර්ගෝපදේශනයෙන් සිදු කරනු ලබයි. IVC පෙරහන් කැතීටරය හරහා ශිරාවට ඇතුලු කිරීම සිදු කරනු ලබයි.